විදුහල්පතිවරියක දණ ගැස්වූ ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක මහතාට ඇප ලබාදීම සම්බන්ධව සැකයක් ඇතිවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා අද (25දා) පැවසීය.
ඉහළින් පැමිණි දේශපාලන බලපෑමකට මෙම ඇප ලබාදීම සිදුව ඇතැයි පෙනී යන බවත්, අධිකරණයේ ස්වාධීනත්වය ඇති කරන බවට පවසා බලයට පැමිණි ආණ්ඩුවකින් මෙවැනි දෙයක් කිසිසේත් නොවිය යුතු බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ විදුහල්පතිවරිය දණ ගැස්සවීමේ සිද්ධිය වාර්තාවී පැය භාගයක් ඇතුළතදී චාමර සම්පත් මහතා මහඇමති ධූරයෙන් ඉවත් කරනු ඇතැයි රටම බලාසිටි බවයි.