ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහියංගනයේ රැස්වීමක් සදහා පැමිණෙන හෙයින් මානව හිමිකම් කොමිෂන් සභාවේ විසින් නිකුත් කළ සිතාසියට අනුව පෙබරවාරි 1 දින සාක්ෂි ලබාදීමට පැමිණිය නොහැකි බැවින් වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඌව ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක කොමිෂන් සභාවෙන් කළ ඉල්ලීම එම කොමිෂන් සභාව ඉවත දමා ඇත.
ප්‍රධාන අමාත්‍යවරයාගේ ඉල්ලීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා ඇති මානව හිමිකම් කොමිෂන් සභාව පනතේ 20 (3) වගන්තිය යටතේ ප්‍රධාන අමාත්‍යවරයාගේ ඉල්ලීමට ඉඩ ලබාදිය නොහැකි බවයි.