ජාතික ඵලදායිතා සංවර්ධන අමාත්‍යාංශය විසින් වසරක් පාසා පවත්වන ලංකාවේ හොඳම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තේරීමේ තරගයෙන් 2014-2015 වසරේ හොඳම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බවට කුච්චිවේලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පත් වී තිබේ.
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ වර්ග කිලෝමීටර් 313.37 ක වපසරියකින් යුත් කුච්චිවේලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එම දිස්ත්‍රික්කයේ දෙවැනි විශාලතම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයද වේ. තිස් අවුරුදු යුද්ධය නිසා යම් කාලයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහ ලේකම් කාර්යාලය තුළ ජීවත්වන ජනතාවගේ ජීවිතවලට විවිධ බාධා ඇතිවූ අතර, 2012-2013 වසර සඳහා පැවති තරගයේද දිවයිනේ තෙවැනි හොඳම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බවටත් මෙම කාර්යාලය සම්මාන දිනා ඇත.
7R ක්‍රමවේදය භාවිතයට ගනිමින් සම්පත් ඌණතාවයට විසඳුම් ලබාගනිමින් නාස්තිය අවම කරමින් සම්පත් භාවිත කිරීම හා හොඳ මහජන සේවාවක් සැලසීම යන කරුණු මත මෙම තෝරාගැනීම සිදුකරනු ලබන බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.