'කියන්න තියෙන දේ මුහුණටම කියන්න. අහන්න තියෙන දේ මුහුණටම අහන්න' තේමාකරගත් පාඨලී චම්පික රණවක සමග මුහුණට මුහුණ අභියෝගය හෙට (14දා) සවස 5ට කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ නෙළුම් පොකුණ ඉදිරිපස ප්‍රවේශයට යාබදව සජීවීව සිදුකෙරේ.
තැනින් තැන විවිධ පිරිස් විසින් සිදුකරනා මඩ ප්‍රචාරණයන් පදනම් විරහිත බව සනාථ කිරීම උදෙසා අමාත්‍යවරයා විසින් මෙම අවස්ථාව සූදානම් කර තිබේ.
මහජනයා අතර ප්‍රසිද්ධ හා ජනප්‍රිය ඕනෑම සමාජ ජාලයකින් සජීවීව මේ සමග සම්බන්ධ විය හැකි අතර, 0727 527527 අංකයෙන් කෙටිපණිවුඩ සහ වට්ස්ඇප් ඔස්සේ ප.ව.5 ට පෙර ප්‍රශ්න හා අදහස් යොමුකළ හැක.
ලෝකයේ සිටින ඕනෑම අයෙකුට මේ සඳහා ඉදිරිපත් විය හැකි අතර, ඒ සඳහා ස්කයිප් ලිපින 4ක් වෙන්කර තිබේ. champika.01 / patali.01 / champika.ranawaka.01 / no.1champika
පාඨලී චම්පික රණවක සමග මුහුණට මුහුණ අභියෝගයට ඉදිරිපත් වීමට හා එය සජීවීව දැක බලා ගැනීමට පොදු ජනතාවට අවස්ථාව හිමි අතර, එයට පැමිණිය නොහැකි අය සඳහා අමාත්‍යංශ නිල ෆේස්බුක් අඩවිය, ට්විටර් ජාලය, ගූගල් ප්ලස්, යූ ටියුබ් හෝ ලින්ක්ඩ් ඉන් සමාජ ජාල හරහා සජිවීව නැරඹීමේ අවස්ථාවද සැලසුම් කර තිබේ.