දින සියය වැඩපිළිවෙළට පත්කරගත් අග්‍රාමාත්‍යවරයාගේ කාලය අවසන් බැවින් පාර්ලිමේන්තු ඉදිරි නිල කාලය සඳහා අග්‍රාමාත්‍යවරයා ලෙස කථානායක චමල් රාජපක්ෂ මහතා පත් කරන්නැයි වමේ පක්ෂ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ මහතා පැවසීය.
ඔහු මේ බව පැවසුවේ, ඊයේ (18දා) බොරැල්ල ඇන්.එම්. පෙරේරා කේන්ද්‍ර‘යේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.
අධිකරාජ්යවාදී ගැති එක්සත් ජාතික පක්ෂය රට ආගාධයට ඇද දමා තිබෙන බවත්, ඔවුන් සෑමවිටම උත්සාහ කරන්නේ ඇමෙරිකාව ප්‍රධාන අධිරාජ්‍යවාදීන්ගේ වැඩපිළිවෙළවල් රට තුළ ක්‍රියාත්මක කිරීමට බවත් ඒ මහතා පවසා සිටියේය.
අධිරාජ්‍යවාදීන්ගේ අවශ්‍යතාව මත 2002 වසරේදී යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩසටහන ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට ගොස් රට බරපතළ තත්ත්වයකට පත්කළ බවත්, එහෙත් ජනතාව කෙටි කාලයකින් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ගෙදර යැවූ නිසා එය නිසිලෙස ක්‍රියාත්මක කරගැනීමට නොහැකිවූ බවත් ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේය.
එහෙත් අද දවස වනවිට යළිත් එම කටයුතු සිදුකරමින් තිබෙන බවත්, මේනිසා යළිත් රට අගාධයට ඇදවැටීම වළක්වා ගැනීමට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් සහිත එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආණ්ඩු බලය ලබාදෙන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටි බවත් හෙතෙම පවසා සිටියේය.
වැඩිදුරටත් සඳහන් කළේ,