ඉදිරි මහ මැතිවරණයේදි ශ්‍රී ලංකා නිදහස් සන්ධානයේ වේදිකාවට වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යන මහත්ම මහත්මීන් එකතු කරගත යුතු බවට බස්නාහිර පළාත් සභාවේ සන්ධානය නියෝජනයේ මන්ත්‍රිවරු පිරිසක් ඊයේ (05දා) තීරණයකට එළඹියහ.
මේ බව සඳහන් ලිපියකට මන්ත්‍රීවරුන් සියලුදෙනාම අත්සන් කර ජනාධිපතිවරුන් තිදෙනාට වෙන වෙනම බාර දිය යුතු බවට බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේදී ඊයේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේදී වැඩිදුරටත් තීරණය කර ඇත.