ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපදේශක මණ්ඩලයට හිටපු ජනපතිවරුන් හා හිටපු අගමැතිවරුන් පත්කර ගැනීමට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.
ඒ අනුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හා හිටපු ජනපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියත්, හිටපු අග්‍රාමාත්‍ය දී.මූ. ජයරත්න මහතාත් නිදහස් පක්ෂයේ උපදේශක මණ්ඩලයට පත්කරගෙන ඇත.
පක්ෂයේ සභාපති ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තවදුරටත් කටයුතු කරනු ඇත.