ශ්‍රී ලංකාවේ ඇතිවූ ගංවතුර තත්ත්වය සහ නායයෑම් හේතුවෙන් මියගිය සහ අවතැන් වූ ජනතාව පිළිබඳ අසා තමන් බෙහෙවින් කනගාටුවට පත්වූ බව 'සුජාත දියණිය' නම් කොරියානු ටෙලිනාට්‍ය තුළ චන්ගුමි චරිතය නිරුපණය කරමින් මෙරට ප්රේක්ෂකයන්වෙත සමීප වූ කොරියානු නිලි ලී යන්ග් (Lee young ae) මහත්මිය පවසා තිබේ.
ගංවතුර හා නායයෑම් හේතුවෙන් පීඩාවට පත් ජනජීවිත සඳහා සහන සැලසීම වෙනුවෙන් ඇය කොරියානු වොන් 56,000,000 (ඇමෙරිකානු ඩොලර් 50,000) ක මුදලක් පරිත්‍යාගකර තිබේ.
කොරියානු පදනමේ සභාපති ලී සියොන්ග් මහතාට බාරදී ඇති මෙම පරිත්‍යාගය ඔහු විසින් කොරියාවේ සොල් නුවර පිහිටි ශ්‍රී ලංකා තනාපතා කාර්යාලයට ඊයේ (05දා) බාරදී ඇති අතර, සසන්ගා නිකපිටිය මහත්මිය විසින් ආදාළ පරිත්‍යාග බාරගෙන තිබේ.