2006 වසරේදී පානදුර මහබෙල්ලන ප්රදෙශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීම හා තවත් පුද්ගලයෙකුට බරපතල තුවාල සිදුකිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් වරදකරුවන් වූ තිදෙනෙකුට මරණ දඩුවම නියමක් කර තිබේ.
දීර්ඝ නඩු විභාගයකින් පසුව ඊයේ (29දා) තීන්දුව ප්රකාශයට පත්කර ඇත. පානදුර අළුබෝමුල්ල ප්රදේශයේ පදිංචිව සිටි සැකකරුවන් තිදෙනෙකුට මෙසේ මරණ දඩුවම නියම කර ඇත.