පසුගිය කාලයේදී සිදුවූ ඝාතනය කිරීම්, පැහැරගෙන යාම්, අතුරුදන් වීම් පිළිබඳව සොයා බැලීමට විශේෂ කමිටුවක් පත්කිරීමට ඊයේ (24දා) රැස්වූ විධායක සභාවේදී තීරණය කළ බව විධායක සභාව නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
මීට අමතරව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඇතිකිරීම, තොරතුරු දැනගැනීමේ පනත මාර්තු මාසය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට තීරණය කළ බවද ඔහු පවසා සිටියේය.
ඉදිරියේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හඳුන්වාදීමට යන ආචාරධර්ම පද්ධතිය පිළිබඳව විධායක සභාවට ඉදිරිපත් වූ බවත්, මීට අමතරව අවධිමත් ආකාරයට සාම්පූර් ප්‍ර‘දේශයේ ජනතාවගෙන් ලබාගෙන තිබෙනා පාරම්පරික ඉඩම් නැවත ජනතාවට ලබාදීමටත් තීරණයක් ගත් බවත් පක්ෂ නායකවරයා සඳහන් කළේය.
මේ අතර, විධායක සභාව පෙබරවාරි මාසයට එක් දිනක්වත් රැස්වී නොමැති බවට පෙබරවාරි 18 වැනිදා %අද^ පුවත්පතේ පළවූ ප්‍රවෘත්තියට අදාළව ජනාධිපති කාර්යාලය විසින් කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.
ඒ අනුව පෙබරවාරි 03 වැනි අඟහරුවාදා පොහොය යෙදී තිබීම නිසා එදින විධායක සභාව රැස් නොවූ බවත්, එහෙත් 15 වැනි දින ඉරිදා සහ 18 වැනි දින විධායක සභාව රැස්වී තිබෙන බවට කරුණු පැහැදිලි කරමින් එවා තිබෙන නිවේදනයේ සඳහන් කර ඇත.