ඝන අපද්‍රව්‍ය කළමනාකරණය විමර්ෂණය කිරීම සඳහා විශේෂ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එවීමට ලෝක බැංකුවේ එකඟතාව පළ වූ බව මුදල් අමාත්‍යාංශය පවසයි.
පසුගිය 18 වැනිදා ආරම්භ වී අද (23දා) අවසන් වීමට නියමිත ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අර්ධ වාර්ෂික සමුළුවේදී මෙම එකඟතාව ඇති වී තිබේ.
මෙවර එම සමුළුවට මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු දූත පිරිසක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී සිටියි.