ලෝක ආර්ථික සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ගෝලීය තරුණ නායකත්ව සංසදය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට අවස්ථාව ලැබී ඇති බව මුදල් අමාත්‍යාංශය කියයි.
පසුගියදා ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැති ලෝක ආර්ථික සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ අග්‍රාමාත්‍යවරයා ප්රමුඛ දූත පිරිස විසින් ශ්‍රී ලංකාවේ, නව ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳව ඉදිරිපත් කළ සැලැසුමෙන් පසුව ගෝලීය තරුණ නායකත්ව සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීමේ අවස්ථාව ලැබී ඇති බවද එම අමාත්‍යාංශය කියයි.
ඒ අනුව, ලෝක ආර්ථික සමුළුව නියෝජනය කළ රාජ්‍ය හා පෞද්ගලික අංශය සේම කලාප නියෝජනය කරමින් තරුණ නායකයින්, 40 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් අද (15දා) දිවයිනට පැමිණීමට නියමිතය.