ඇලෝසියස්ට නීතිය ක්‍රියත්මක කළාසේ ගෝඨාභයටත්, රත්වත්තෙටත් නීතිය ක්‍රියාත්මක කරන ලෙස මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
හෝමාගම පැවැති ජනහමුවකට එක්වෙමින් මේ බව කී අමාත්‍යවරයා,
“අපේ ආණ්ඩුවේ කවුරුහරි හොරකම් කරනවානම් ඒ අයට දඬුවම් දෙන්න ලෑස්තියි කියලා අපි කිව්වා. අද ඒක අපි ඔප්පුකරලා තියෙනවා. බැඳුම්කරේ විතරක් නෙවෙයි ඇවන්ට් ගාඩ් හොරුන්වත් අපි අත්අඩංගුවට ගන්නවා. කෝටි 1200ක වංචාවකට ඇලෝසියස්ලා අරගෙන තියෙන්නේ. තව කෝටි 1200ක වංචාවකට ගෝඨාභය ළඟදි මහාධිකරණයට ගියා. ඒ මොකක්ද ඒ. ඇවන්ට් ගාඩ් වංචාව. රක්නා ලංකා නමින් ආණ්ඩුව විසින් ඇතිකර තිබූ සමාගම නාවික හමුදාව සමග ගාල්ල මූලික කරගෙන ගියපු වැඩපිළිවෙළ ගෝඨාභය රාජපක්ෂ පෞද්ගලික සමාගමකට පැවරුවා. ඒ ඇවන්ට් ගාඩ් සමාගම. අදවනවිට බිලියන 12ක්, ඒ කියන්නේ කෝටි 1200ක් රජයට පාඩුකළා කියලා ගෝඨාභයට චෝදනා ගොනුකර තිබෙනවා.
අපේ ආණ්ඩුවෙත් හිටපු තුන් හතර දෙනෙක් ඇවන්ට් ගාඩ් එක පස්සේ යන්න පටන්ගත්තා. ඒ අයටත් අද ගෙදර යන්නවෙලා තියෙනවා. අපි ඒ ව්‍යාපාරය නැවත නාවික හමුදාවට දුන්නා. ඒනිසා අපි ඉල්ලන්නේ ඇලෝසියස්ට ක්‍රියාත්මක කළ නීතිය ගෝඨාභයට රත්වත්තෙලාට ක්‍රියාත්මක කරන්න කියලා. ඒකතමයි සාධාරණය කියන්නේ.
කඩුව අරගෙන ඇලෝසියස්ට වැනුවා වගේ රත්වත්තෙලා රාජපක්ෂලාටත් වනන්න, නැතිනම් අපි වනනවා* යැයි පැවසීය.