හිටපු ජනපති චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය බොදු බල සේනාව පිළිබඳව ඊයේ (1 දා) තිහාරියේදී කළ ප්රකාශය හෙළා දකින බව එම සංවිධානයේ ප්රධාන විධායක නිලධාරි දිලන්ත විතානගේ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ රාජපක්ෂ රජය විසින් බොදු බල සේනාව නිර්මාණය කළ බවට හිටපු ජනපතිනිය කළ ප්රකාශය කිසිසේත් පිළිගත නොහැකි බොරුවක් බවද ඔහු සඳහන් කරයි.
අලුත්ගම සිදු වූ අවාසනාවන්ත සිදුවීම් පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් කරන ලෙස රාජපක්ෂ රජයෙන් මෙන්ම මෛත්රීපාල රජයෙන්ද ඉල්ලි තිබෙන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.