පාවෙන අවි ගබඩා සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඪාභය රාජපක්ෂ මහතා ඇතුළු සිවු දෙනෙකුට විදේශ ගමන් තහනම් කරමින් ගාල්ල ප්රධාන මහේස්ත්රාත් අධිකරණය පනවා තිබූ තහනම අද ඉවත් කරනු ලැබිය.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් නඩු පැවරීමට තරම් කරුණු ඉදිරිපත් වී නැති බ නීතිපතිවරයා දැනුම් දුන් බව රහස් පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.