ඇවන්ට්ගාඩ් නඩුවෙන් තමා ඇතුළු විත්තිකරුවන් පිරිසක් නිදහස් කරන ලෙස ඉල්ලමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ කොළඹ මහාධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.
ඇවන්ට්ඩ් සමාගමට ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වා ගෙන යෑමට අවසර දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4 පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ගෝඨාභය රජපක්ෂ මහතා ඇතුව විත්තිකරුවන්ට නඩු පවරා තිබේ.
ගෝඨාභය රජපක්ෂ මහතා සිය පෙත්සම විසින් පවසා තිබුණේ අල්ලස් කොමිසම නඩු පැවරීමේ දී එහි අධ්යක්ෂ ජෙනරාල්වරිය එම කොමිසමේ ලිඛිත අනුමැතියක් ලබා ගෙන නොමැති බවයි.
කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා අද(02) පැවැසුවේ කොළඹ මහාධිකරණ විනිසුරු විසින් මෙම තීන්දුව ලබා දී ඇත. අල්ලස් නඩු පැවරීම සඳහා එහි අධ්යක්ෂ ජෙනරාල්වරයාට කොමිසමේ ලිඛිත අනුමැතිය අවශ්‍ය බවට පැහැදිලි ප්‍රතිපාදන නොමැති බවයි.