බන්දුල ගුණවර්ධන මහතා සිංගප්පූරු ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුමට විරුද්ධව කතා කිරීමට ගිය හොත් ගෝඨාභය රාජපක්ෂ මහතා ඔහුට ඇමති ධුරයක් ලබා නොදෙනු ඇතැයි අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (06දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
සිංගප්පූරුවේ වෘත්තියකයන් මෙරටට ගෙනඒමට හෝ මෙරට වෘත්තිකයන් එරටට ගෙනයෑමට සිංගප්පූරුවට අවශ්‍ය නැති බවත්, මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී චීන කම්කරුවන් හා ඉංජිනේරුවන් , බංග්ලාදේශ කම්කරුවන් මෙරටට පැමිණ සිටි බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අගමැතිවරයාගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී ඔහු මේ බව පවසා සිටියේය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා,
“පෝට් සිටි එක සින්නකරව දෙන කොට, හම්බන්තොට දෙනකොට, ෂැංග්‍රිලා එක සින්නක්කරව දෙන කොට පසුගිය ආණ්ඩුව අපිට කිව්වේ නැහැ. ඔබතුමන්ලාගේ අලුත් ප්‍රතිපත්තිය ෂැංග්‍රිලා එකේදී කිව්වා. චීනය මොකවත් කරගෙන යන්නේ නැහැ. ඔබතුමන්ලාගේ අලුත් ප්‍රතිපත්තිය විපත් මගේදී කිව්වා. ඔහොම කතා කළොත් ගෝඨාභය රාජපක්ෂ ඔබතුමාට ඇමතිකමක්වත් දෙන්නේ නැහැ.”යනුවෙන් පවසා සිටියේය.