(Video)මිග් ගනුදෙනුව පිළිබඳ නිසි පරීක්ෂණයක් සිදුකොට නිසි පියවර ගතහොත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රජා අයිතිය පවා අහෝසි විය හැකි බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.
ඔහු යුද්ධය ආරම්භ කළේම කොමිස් ගසමින් බවත්, එය අසත්‍යයක් නම් තමාට එරෙහිව නඩු පවරන ලෙස අභියෝග කරන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
2006 වසරේ මිග් යානා 4ක් මිලදී ගෙන ඇති බවත්, යුද්ධය පැවති බැවින් එකල ඒවා මිලදී ගැනීම පිළිබඳව ප්‍රශ්නයක් පැනනොනැගි බවත් පැවසූ අමාත්‍යවරයා, නමුත් ඒවා නියමිත මිල ගණන්වලට වඩා ඉතා වැඩි මිල ගණන්වලට ලබාගෙන ඇති බවද පැවසීය.
ලන්ඩනයේ එකී ගනුදෙනුව සම්බන්ධීකරණය කළ බව කියන කාර්යාලයක් පවා නොවන බවත්, බ්‍රිටිෂ් වර්ජිනියා නම් දූපතේ එවැනි නමකින් යුතු කාර්යාලයක් පැවතියද, එය මහා පරිමාණ කළු සල්ලි ජාවාරම්කරුවන්ගේ පාරාදීසයක් බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
VIDEO