ඇමෙරිකානු පුරවැසියෙකු වන ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමෙරිකානු නීතියට යටත් වන අතර, ශ්‍රී ලංකා නීතියට යටත් නොවන බවට සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
ඔහු මේ බව පවසා සිටියේ, රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (13දා) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.