හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කසළ කළමනාකරණය හා නගර පවිත්‍ර කිරීම් සිදු කළේ ත්‍රිවිධ හමුදාව යොදවමින් බවත් ඒ ආකාරයට ත්‍රිවිධ හමුදාව යොදවා කසළ කළමනාකරණය සහ පවිත්‍ර කිරීමේ කටයුතු ආරම්භ කළ යුතු බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.
එම අමාත්‍යාංශයේදී ඊයේ (14දා) පැවැති හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේය. ඒ පිළිබඳව තමා විසින් ජනපතිවරයාට යෝජනාවක් කළ බවද අමාත්‍යවරයා පවසා සිටියේය.
"ඩෙංගු රෝගය ලෝකය පුරාම වර්තමානයේ ව්‍යාප්ත වී තිඛෙනවා. එහිදී කසළ කළමනාකරණය ඉතාම වැදගත්. ඒ සඳහා දැඩි නීති රීති ගෙන ආ යුතුයි. කොළඹ නගරයේ ඇතැම් ස්ථානවල තවමත් කසළ ගොඩගැසී ඇති අයුරු දක්නට ලැඛෙනවා.
කසළ කළමනාකරණයට ජනතාවගේ දායකත්වය ද විධිමත්ව ලැබිය යුතු අතර, තම නිවාසවල එකතු වන කසළ විනාශ කිරීමට ජනතාව පියවර ගත යුතුයි” යැයිද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.