ඇවන්ට්ගාඩ් මෙරිටයිම් සමාගමට වසර තුනක කාලයක් තුළදී අයුතු සහගත අනුග්‍රහයක් දැකවීමෙන් රජයට රුපියල් කෝටි 1140ක පාඩුවක් සිදුකළැයි චෝදනා කරමින් අල්ලස් කොමිසමෙන් පවරා ඇති නඩුව සඳහා ලබන 30 වැනිදා අධිරණයේ පෙනී සටින ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ආරක්ෂක අමාත්‍යාංශ හිටපු අතිරේක ලේකම්වරියක, හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනෙකු හා ඇවන්ට්ගාඩ් සභාපති විශ්‍රමික කර්නල් නිශ්ශංක සේනාධිපති ඇතුළු අට දෙනකුට දැනුම් දෙමින් කොළඹ ප්රිධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (01දා) සිතාසි නිකුත් කළේය.
චෝදනා 19ක් යටතේ අල්ලස් කොමිසමෙන් පවරා ඇති නඩුව අද අධිකරණය හමුවේ කැඳවනු ලැබු අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් කළ ඉල්ලීමක් පිළිගත් මහෙස්ත්‍රාත්වරයා එලෙස සිතාසි නිකුත් කළේය.
2012 – 8- 7 හා 2015- 1- 8 අතර කාලයේදී ඇවන්ට්ගාඩ් මෙරිටයිම් සර්විසස් සමාගමට අයුතු සහගත හා නීතී විරෝධී අනුග්‍රහයක් දැකවීමෙන් රජයට රුපියල් බිලියන 11.4ක (රුපියල් කෝටි 1140ක) පාඩුවක් සිදුකරන ලදැයි විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් නඩු පවරා ඇත.