කෘෂි කර්මාන්තයේ නියලී සිටින ගොවීන්ගේ නිෂ්පාදන හොද මිලකට ලබා ගැනීමට අවශ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කිරන බව ග්‍රාමිය ආර්ථිකය පිළීබද අමාත්‍ය පී හැරිසන් මහතා මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ නිරීකෂණ චාරිකාවකට එක්වෙමින් පැවසීය. මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය ඉදිකිරීමට විශාල මුදල් කන්දරාවක් රජය දරල තියෙනව. නමුත් ඒ සේවාවන් අද හරියට වෙනවද කියන එක අපිට ප්‍රශ්නයක් වෙලා තියෙනව.ගොවියගේ වගේම පාරිභෝගිකයගේ පැත්තෙනුත් ඒ ප්රශ්නය ඇතිවෙලා තියෙනවා. කෘෂි කර්මාන්තයේ නියලී සිටින ගොවි මහත්වරුන්ටත් ඒ අයගේ නිෂ්පාදන හොද මිලකට ලබා ගැනීමටත් අපි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අපි අරමුණු කරගෙන ඉන්නව.අපි හිතනව ඒ සදහා යහ පාලන ආණ්ඩුවේ සහයෝගය සම්පර්ණයෙන්ම ලැබෙයි කියල හිතනවා යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශකළේය.