ගොවි ජනතාව නිෂ්පාදනය කරන සියලුම නිෂ්පාදන ඍජුවම මිලදීගෙන පාරිභෝගික ජනතාවට ලබාදීම සඳහා ගොවි නිෂ්පාදන මිලදීගැනීමේ සමූපකාර ඇති කිරීමට ආහාර සුරක්ෂිතතාව පිළිබඳ අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
ආහාර සුරක්ෂිතතා අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා විසින් කෘෂිකර්මය හා බැංකු ක්ෂේත්රයේ පිරිස් සහ සමූපකාර නිලධාරීන් සමග මේ පිළිබඳව සාකච්ඡා සිදුකර තිබෙන අතර, මේ අනුව එළඹෙන මහ කන්නයේ වී මිලදීගැනීමේ සිට මෙම ක්‍රමය ක්‍රියාත්මක කිරීමටත් සැලසුම් කර ඇත.
මීට අමතරව දැනට රටතුළ එවැනි වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා නම් ඒ පිළිබඳව අදාළ ගොවි සංවිධාන සහ සමිති සමගද සාකච්ඡා කිරීමට අවධානය යොමු වී තිබේ.
මේ අනුව එවැනි සමිති හෝ ගොවි සංවිධාන තිබේ නම් එම පිරිස් කොළඹ 02,වොක්ෂෝල් වීදියේ පිහිටි ආහාර සුරක්ෂිතතාව පිළිබඳ අමාත්‍යාංශයේ පෙබරවාරි 21 වැනිදා පැවැත්වෙන විශේෂ රැස්වීමට පැමිණෙන ලෙසද එම අමාත්‍යාංශය ආරාධනා කරයි.