ගාලු වරායේ පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් විදේශ ගමන් තහනම් කර තිබූ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ එම අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් සුජාතා දමයන්ති ජයරත්න සහ ඇවන්ගාඩ් සමාගමේ අධ්‍යක්ෂවරයෙකුව සිටි පාලිත ප්‍රනාන්දු යන තිදෙනාට පනවා තිබු විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කළ ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය ඔවුන් තිදෙනාට මාසයකට විදේශගතවිමට අද (13දා) අවසර දුන්නාය.
මේ අනුව අගෝස්තු 20 වැනි දින සිට සැප්තැම්බර් 19 දක්වා ගෝඨාභය රාජපක්ෂටද අගෝස්තු 17 සිට සැප්තැම්බර් 17 දක්වා පාලිත ප්‍රනාන්දුටද අගෝස්තු 24 සිට සැප්තැම්බර් 24 දක්වා සුජාතා ජයරත්නටද විදේශගතවිමට මහේස්ත්‍රාත්වරිය අවසර දෙනු ලැබුවාය.