ගෙයක් ඇති කරන්නෙත් නැත් කරන්නෙත් කාන්තාව
පසුගිය කාලයේ කාන්තාවන් දැඩි පීඩනයක සිටියද වත්මන් ආණ්ඩුව යටතේ කාන්තාවන්ට සුදුසු තැන ලබාදී ඇති බව වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මහපොළ වරාය සහ සමුද්‍රීය විද්‍යායතනයේ පුහුණුව ලත් බහළු දොඹකර ක්‍රියාකරවන්නියන්ගේ පළමු කණ්ඩායම විසිර යාමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේබව කීවේය.
ගෙයක් ඇති කරන්නෙත් කාන්තාව. නැති කරන්නෙත් කාන්තාව. සැමියා කුමන රැකියාවක් කළත් පවුල ඉදිරියට ගෙනි යන්න පුළුවන් ප්‍රධානම කෙනා තමයි අම්මා.
පසුගිය ආණ්ඩු කාලේ අපේ රටේ කාන්තාවන් සිටියේ දැඩි පීඩනයකින්. තමන්ගේ සැමියා, තමන්ගේ දරුවා, තමන්ගේ සහෝදරයා නිවසට එන තෙක් ඔවුන් බියෙන් සිටියා. ඒ රට වෙලාගත් රාජ්‍ය පීඩනය නිසා. අද එම පීඩනය වත්මන් රජය යටතේ නැති වෙලා තියෙනවා. අද කාන්තාවන්ට සුදුසු තැන ලැබී තිබෙනවා. ඇය බලගැන්වෙන තරමට රට යහපත්ය. නමුත් ලෝක මට්ටමින් ගත් විට පාර්ලිමේන්තුව නියෝජනය කරන කාන්තාවන්ගේ ප්‍රතිශතය සියයට 20කටත් වඩා අඩුයි. එමෙන්ම කිසිම ආදායමක් නොලබන ජනතාවගෙන් කාන්තාවන්ගේ ප්‍රමාණය ලෝක මට්ටමින් සියයට 70ක් විතර වනවා. මේ නිසා කාන්තාව සවිබල ගැන්වීම වැදගත් කරුණක්. යැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

