විදේශගත වන ගෘහ සේවිකාවන්ගේ ප්‍රමාණය 30%කින් පහළ ගොස් තිබෙන අතර, විදේශගත වන පුහුණු ශ්‍රමිකයන්ගේ ප්‍රමාණය ඉහළ ගොස් තිබෙන බව විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සඳහන් කළේය.
මීට වසර දෙකකට පමණ පෙර විදේශගත වූ ප්‍රමාණයෙන් 70%කට වැඩි ප්‍රමාණයක් ගෘහ සේවය සඳහා ගිය නමුත් පුහුණු ශ්‍රමිකයන් රට යැවීමේ වර්තමාන ආණ්ඩුවේ වැඩපිළිවෙළ අනුව ගෘහ සේවයට යන පිරිස අඩුවී තිබෙන බවද අද (23දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා සඳහන් කළේය.