ශ්‍රී ලංකාවේ ස්ට්‍රීට් වීව් (Street View) දර්ශන දැන් ගූගල් මැප්ස් (Google Maps) ඔස්සේ නැරඹිය හැකි බව ගූගල් සමාගම අද (23දා) නිවේදනය කළේය.
ඒ අනුව, දැන් ලොව පුරා වෙසෙන ජනතාවට තම ජංගම දුරකථන, පරිගණක හෝ ටැබ්ලට් උපාංග මගින් ශ්‍රී ලංකාවේ ස්වභාව සෞන්දර්යය හා සංස්කෘතිය සමග බැඳුණු, හාත්පස විහිදුණු අංශක 360 දර්ශන දැකගත හැකි බවද එම සමාගම පවසයි.
මෙසේ ශ්‍රී ලංකාවේ ස්ට්‍රීට් වීව් දර්ශන දියත් කිරීමත් සමග ස්ට්‍රීට් වීව් වැඩසටහන මගින් ආවරණය වූ රටවල් සංඛ්‍යාව 76 ක් බවට පත්වී ඇත.