ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස නීතීඥ නන්ද මුරුත්තෙට්ටුවේගම මහතා පත් කර තිබේ.
ඒ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතීඥවරයෙකු මෙන්ම ක්ෂේත්රයේ කීර්තිමත් නමක් දිනා ඇති ජ්‍යෙෂ්ඨ නීතීඥයෙකි.
ලන්ඩන් විශ්වවිද්‍යාලය හා අනුබද්ධිත නීති උපාධි පිරිනමන සී.එෆ්.පී.එස්. නීති පාසලේ කළමනාකාර අධ්යක්ෂවරයා ලෙසද කටයුතු කරන ඒ මහතා පන්දහසකට අධික නීතීඥවරුන් පිරිසක් බිහිකළ නීති උපදේශකයෙකි.
එක්සත් ජාතික පක්ෂ නායකත්වය හා එක්ව ග්‍රාම චාරිකා ව්‍යාපාරය, ප්රචාරක ලේකම් යාන්ත්‍රණය ආදී සංවිධාන කටයුතුවල පුරෝගාමී නායකයෙකු වූ ඒ මහතා දූෂණ විමසුම, සංවර්ධන විමසුම ආදී දූෂණයට එරෙහි ව්‍යාපාරවල පුරෝගාමියෙකි.
පොත්පත් ගණනාවක්ද රචනා කොට ඇති ග්රන්ථ කර්තෘවරයෙක් හා ගීත රචකයෙක් වන නන්ද මුරුත්තෙට්ටුවේගම මහතා රත්නපුර දිස්ත්‍රික්කයේ උපත ලබා කොළඹ ආනන්ද විද්‍යාලයෙන් සිප්සතර හදාරා නීති විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලැබූවෙකි.