වැඩවර්ජනයක නිරත වී සිටින ගුවන්තොටුපොළ වෘත්තීය සමිති නියෝජිතයන් හා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශොක් අබේසිංහ මහතා, මුල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ අතිරේක ලේකම් ආර්.එම්.කේ. රත්නායක හා ගුවන් තොටුපොළ පාලනාධිකාරිය අතර සාකච්ඡාවක් අරම්භ වී තිබේ.
රුපියල් 10000ක වැටුප් වැඩිවිමක් ලබා නොදීමට එරෙහිව කටුනායක ගුවන් තොටුපොළේ සේවකයන් අද පෙරවරුවේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කළේය. මේ වන විට ගුවන් තොටුපොළේ වායු සමනය කටයුතු හා ජල පහසුකම් ක්‍රියාත්ම නොවේ. ගුවන් මගීන්ද දැඩි අපහසුතාවට පත්ව ඇත.
මෙම වර්ජනය සඳහා ගුවන් තොටුපොළ ඉතිහාසයේ ප්‍රථම වතාවට වෘත්තීය සමිති පහම එකතු වී තිබේ.
අංජන ශ්‍රී කුමාර