බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සේවයේ යෙදවීම සඳහා විශේෂයෙන් පුහුණු කරන ලද සුනඛයින් සපයා ගැනීමට රජයේ අවධානය යොමුව තිබේ.
ගුවන් මගීන්, කාර්ය මණ්ඩල, මෙහෙයුම් කාර්ය මණ්ඩල හා පොදු මහජනතාව ඇතුළු සිවිල් ගුවන් සේවාවේ ආරක්ෂාව සහතික කිරිමට මෙම යෝජනාව ක්‍රියාත්මක වෙයි.
ඒ අනුව පුපුරණිිිිිි ද්‍රව්‍ය, අවි ආයුධ, මත්ද්‍රව්‍ය, මුදල් හා නීතිවිරෝධී ද්‍රව්‍ය හඳුනාගත හැකි පුරුදු පුහුණු කළ සුනඛයින් හා මෙහෙයවන්නන් යෙදවීමට රජයේ අවධානය යොමුව තිබේ.
ඒ අනුව සුනඛ පැටවුන් 20 දෙනෙකු මිලදී ගැනීමටත් එම පැටවුන් පුහුණු කර ගුවන්තොටුපොලේ ගුවන් යානා ආරක්ෂක කටයුතුවල යෙදවීමටත් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.