කටුනායක ගුවන්තොටුපළේ ඇති තීරු බදු රහිත සාප්පු සංකීර්ණයට තුළට පිටත්වීමේ මගියෙකු ලෙස ඇතුළුවී විදේශීයව නිෂ්පාදනය කරන ලද ලක්ෂ 13කට වැඩි වටිනාකමකින් යුත් සිගරට් තොගයක් මිලදී ගෙන ගුවන් තොටෙන් පිටත්ව යෑමට උත්සාහ කළ පුද්ගලයෙකු ඊයේ (05දා) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව ගුවන්තොටුපළ රේගුව පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන්දියන් ජාතිකයෙකු වන 38 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරුගේ ගමන් මල්ලේ තිබී බෙන්සන් ඇන්ඩ් හෙජස් වර්ගයේ සිගරට් 27,850ක් රේගුව බාරයට ගෙන ඇති අතර, එහි වටිනාකම රුපියල් 1,380,000ක් බව නියෝජ්‍ය රේගු අධ්යක්ෂ දර්ශන සිල්වා මහතා පැවසීය.
සිගරට් තොගය රාජසන්තක කිරීමට පියවර ගත් බවත්, සැකකරුට ලක්ෂ 20ක දඩමුදලක් ගෙවන ලෙස නියෝග කළ බවත් හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.