ශ්‍රී ලංකා ගුවන් හමුදාව 'ලකඹර සුරැකි හැටපස් වසරක්' යන්න තේමා කරගනිමින් තම 65 වැනි සංවත්සරය අද (02දා) දිනයේ සැමරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතාගේ ප්‍රධානත්වයෙන් එම සැමරුම පැවැත්වීමට නියමිතය.
නිදහස්, නිවහල් සාමකාමී දේශයක් නිර්මාණය කිරීමෙහිලා මහත් පරිශ්‍රමයක් දරමින්, මව්බිමේ සෛවරීභාවය හා භෞමික අඛණ්ඩතාව රැකගැනීමට සෙසු සහෝදර හමුදාවන් සමග අත්වැල් බැඳගනිමින් 65 වසරක් පුරා සිදුකළ සේවාව සිහිකරමින් මෙම සැමරුම පැවැත්වෙන බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.