ගුවන් ගමන් පාලකවරුන්ගේ හිඟය නිසා ගුවන් සේවා කටයුතුවලට කිසිදු බාධාවක් හෝ අනතුරක් නොමැතිබව බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.
එසේම 2015 -2007 දක්වා කාලය තුළ ගුවන් ගමන් පාලකවරුන් 51දෙනෙකු අලුතින් බඳවාගත් බවත් මේ වනවිට ගුවන් ගමන් පාලකවරුන් 82ක පිරිසක් සේවා කටයුතුවල නිරතවන බව එම අමාත්‍යාංශය පවසයි.
එමෙන්ම ගුවන් ගමන් පාලකවරුන්ගේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා අලුතින් 16 දෙනෙකුගේ කණ්ඩායමක් බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකර ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.