යාපනය පලාලි ගුවන් හමුදා කඳවුරේ සේවයේ නියුතු ගුවන් හමුදා සෙබලෙක් අද (22දා) අලුයම සිය ගිනි අවියෙන් වෙඩි තබාගෙන සිය දිවි නසාගෙන ඇති බව කන්කසන්තුරෙයි පොලීසිය පවසයි.
මෙසෙ සිය දිවිනසාගෙන ඇත්තේ 23 හැවිරිදි උදිත ප්‍රසාද් චතුරංග නැමති කරාගොඩ උයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි කරුවෙකි. ගුවන් හමුදා සෙබලා ප්‍රේම සම්බන්ධතාවයක් හේතුවෙන් වෙඩි තබාගෙන ඇතයි සැකකරන බවට මූලික පරික්ෂණ සිදු කළ කන්කසන්තුරේයි පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.