ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදූව ඇති දූෂණ සහ වංචා පරීක්ෂා කිරීම සඳහා වත්මන් රජය විසින් නීතිඥ ඡේ.සී වැලිඅමුණ මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුවේ නිර්දේශ ඇතුළත් වාර්තාව වහාම ක්‍රියාත්මක කිරීමට රජය අද (20දා) තීරණය කළේය.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ මේ සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙසේ තීරණය කෙරිණි.
මෙහිදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය සිදු කර ඇති අකටයුතුකම් පිළිබඳව මෙහිදී දිර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න, විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක, ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා යන මහත්වරුන් අධ්යක්ෂ මණ්ඩලය විසින් සිදු කර ඇති වංචා සහ දූෂණ, අවිධිමත් පත්කිරීම් ආදිය පිළිබඳව දිර්ඝ ලෙස කරුණු පෙන්වා දෙන ලදී.
මෙම අවස්ථාවට එක් වූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයාට එරෙහිව අධ්යක්ෂ මණ්ඩලයේම සාමාජිකයන් සිවුදෙනෙකු කරුණු ඉදිරිපත් කළ අතර, අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට විරුද්ධව අමාත්‍යවරුන් ඉදිරිපත් කරන චෝදනා සත්‍ය බවත්, අධ්යක්ෂ මණ්ඩලය බේදභින්න වී ඇති බවත්, ජනාධිපතිවරයා සදහන් කර සිටියේය.
එහිදී ජනාධිපතිවරයා අවසානයේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය සම්බන්ධයෙන් ඉදිරියේ දී තීරණාත්මක තීන්දූවක් ගැනීමට සිදුවන බවයි.