කොලොන්නාව නිමාවට ගුවන්යානා ඉන්ධන පෙරහන් පද්ධතිය ස්ථාපිත කළ බවත් ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන එක් ගුවන් යානා ඉන්ධන නෞකාවකින් රටට ඉතිරිවන මුදල ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 3ක් බවත් ඛනිජ නීතිගත සංස්ථාවේ සභාපති ධම්මික රණතුංග මහතා පවසයි.
වසර 17ක් තිස්සේ නොසලකා හැර තිබූ ව්‍යාපෘතියක් මාස තුනක් වැනි ඉතා කෙටි කාලයකදී අවසන් කිරීමට හැකිවූ බවත් නව ගුවන්යානා ඉන්ධන පෙරහන් පද්ධතිය පිළිබඳව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
“කොලොන්නාව නිමාවේ ගුවන් යානා ඉන්ධන දුම්රිය ටැංකියට පිරවීමේ ක්‍රියාවලියට අවශ්‍ය පෙරහන් පද්ධතියක් තිබුණේ නැහැ. මේනිසා ගුවන්යානා ඉන්ධන ආනයනය සඳහා පිරිවිතර සැකසීමේදී පෙරහන් පද්ධතියක් නොමැති බවට එකී ලේඛනවල සඳහන් කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සිදුවුණා. එහි අනිවාර්ය ප්‍රතිඵලය වුණේ ගුවන් යානා ඉන්ධන ආනයනය සඳහා ලංසු කැඳවීමේදී සැපයුම්කරුවන් විසින් වැඩි ලංසු තැබීම සඳහා කටයුතු කිරීමයි.
මේ හේතුවෙන් වැඩිමුදලකට ගුවන්යානා ඉන්ධන මෙරටට ආනයනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සිදුවුණා. නමුත් දැන් මේ පෙරහන් පද්ධතිය සවිකිරීම හේතුවෙන් තවදුරටත් වැඩි මුදලකට ගුවන්යානා ඉන්ධන මෙරටට ආනයනය කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. දැන් අපිට ගුවන්යානා ඉන්ධන ආනයනය සඳහා වඩාත් තරගකාරී ලෙස මිලගණන් කැඳවන්න පුළුවන්.
එයින් මෙරටට ආනයනය කරන එක් ගුවන් යානා ඉන්ධන නෞකාවකින් අමෙරිකානු ඩොලර් ලක්ෂ 2ත් 3ත් අතර ප්‍රමාණයක් ඉතිරි කරගැනීමට අපිට හැකිවනවා. එයින් අපේ රටට ලැබෙන මූල්‍ය වාසිය අති විශාලයි. ඒ සමගම ගුවන්යානා ඉන්ධනවල ගුණාත්මක බව තහවුරු කරගැනීමටද අපට හැකිවනවා” යැයිද සභාපති ධම්මික රණතුංග මහතා පැවසීය.