කටුනායක ගුවන් තොටුපළේ ගුවන් මගියෙකු ළඟ තීබී රුපියල් ලක්ෂ 24ක් වටිනා රත්රන් තොගයක් අද (24දා) අලුයම අත්අඩංගුවට ගත් බව ගුවන්තොටුපළ මාධ්‍ය ප්‍රකාශක ධර්මසේන කහඳව මහතා පැවසීය.
මෙම සැකකරු වයස අවුරුදු 30ක් වන වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, මොහු විසින් රත්රන් තොගය ඉන්දියාවේ සිට බැංගලෝර් වෙත ගෙනයාමට උත්සාහ කර ඇති බවත් ඒ මහතා සඳහන් කරයි.
මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණය රේගු නිලධාරීන් විසින් පැවැත්වූ අතර එහිදී මෙම රත්රන් තොගය රාජසන්තක කර සැකකරුට රුපියල් 50,000 දඩ මුදලක් ගෙවන ලෙස නියෝග කළ බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.