අනතුරට ලක්වූ ඇන්ටනොව් ගුවන් යානය පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට රුසියානු ගුවන් යානා පරීක්ෂක විශේෂ කණ්ඩායමක් අද (14දා) පස්වරුවේ මෙරටට පැමිණෙන බව ගුවන් හමුදාව පැවසීය.
ගුවන් හමුදා විධායක මාධ්‍ය නිලධාරී වින්ග් කමාන්ඩර් ගිහාන් සෙනරත් මහතා 'අද' ට පැවසුවේ, රුසියානු විශේෂ කණ්ඩායම් මෙරටට පැමිණ ගුවන් හමුදාව විසින් පවත්වන පරීක්ෂණවලට සහායවන බවයි. අනතුරට ලක්වූ මෙම ඇන්ටනොව් යානය 1996 දී මෙරටට ගෙනවිත් තිබේ.