සමස්ත පාසල් තුළ ඉගැන්වීම් කටයුතු කිරීමට ගුරුවරුන් 235,000 ක් සේවය කළත් පාසල් පවත්වාගෙන යාම සඳහා තවත් ගුරුවරුන් 21,000 ක් අවශ්‍ය බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන් මහතා සඳහන් කරයි.
මේ නිසා අධ්‍යාපනය විධිමත්ව හා ක්‍රමවත්ව පවත්වාගෙන යාම සඳහා ගුරුවරුන් 21,000 ක් කඩිනමින් බඳවාගැනීමට සැලසුම් කර ඇතැයි ඔහු පවසා සිටියේය.
නිදහස් අධ්‍යාපන ක්‍රමයක් රට තුළ පැවතියද එය රටට ගැළපෙන ආකාරයට ක්‍රියාත්මක නොවීම නිසා පසුගිය කාලයේදී මෙම පුරප්පාඩු ප්‍රමාණය ඇති වී තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.