ඌරුබොක්ක විලයාය මහා විද්‍යාලයේ සේවය කරන 27 හැවිරිදි ගුරුවරියක් අද (19දා) උදෑසන පැහැරගන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඌරුබොක්ක පොලීසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කොට ඇත. මීට මාස 02 කට පෙර විවාහ වී ඇති ඇයගේ පැරණි පෙම්වතා විසින් මෙම පැහැර ගැනීම සිදුකරන්නට ඇති බව පොලීසිය සැකකරයි.
දෙයියන්දර රදාවල ප්‍රදේශයේ පදිංචි ඔහුගෙන් මීට පෙර කිහිප අවස්ථාවකදී තර්ජන එල්ල වූ බවට ඇයගේ පියා පොලීසියට පැමිණිලි කර තිබුණි. පුවක්ගස්හේනේ සිට බසයෙන් හින්දොල හන්දියට ගොස් එතැන් සිට පාගමනින් පාසල වෙත යන අතරතුරදී වෑන් රථයකින් හා කැබ් රථයකින් පැමිණි පිරිසක් එම ගුරුවරිය බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් ඇති බවට ඇයගේ පියා පොලීසිය වෙත කරන ලද පැමිණිල්ලේ සඳහන් කර ඇත. ඌරුබොක්ක පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.