නවගත්තේගම නවෝද්‍යා විද්‍යාලයේ ගුරුවරියක දණගැස්වීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාර හිටපු පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාරට මාර්තු 06 වැනිදා සාක්ෂි ලබාදීම සඳහා පුත්තලම මහාධිකරණයේ පෙනී සිටින ලෙස මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා නියෝග කළේය.
අදාල නඩුවේ පැමිණිල්ලේ නිල සාක්ෂි අද (24දා) පුත්තලම මහාධිකරණ විනිසුරුවරයා ඉදිරියේ කැඳවූ අතර, එහිදී නිල සාක්ෂිකරුවන් විසින් අදාළ සිදුවීම තහවුරු කරමින් සාක්ෂි ලබාදීම විශේෂ සිද්ධියක් විය.
2013 වසරේ ජුනි මස 13 වැනිදා වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයා නවගත්තේගම නවෝද්‍යා විද්‍යාලයේ විනය විෂය භාර ගුරුවරිය වූ ප්‍රියානි සුසිලා මහත්මියට පහත් ආකාරයෙන් බැණ වැදී, දණගස්වා පහරදීමට තැත්කොට ඇතැයි පැමිණිල්ලේ සඳහන්වෙයි.
පැමිණිල්ලේ නිල සාක්ෂි ලබාදීම වෙනුවෙන් සුසිලා ගුරුවරියට ප්‍රතිකාර කළ නවගත්තේගම ග්‍රාමීය රෝහලේ ස්ථාන භාර වෛද්‍ය නිලධාරී එම්.කේ.යූ.සී. රණතුංග මහත්මිය, නවගත්තේගම හිටපු පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කමල් ජවුෆර් සහ එම පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති පොලිස් සැරයන් හේරත් යන මහත්වරු පැමිණ සිටියහ.