නවගත්තේගම නවෝද්‍යා විද්‍යාලයේ විදුහල්පති මැල්කම් පිටර්සන් මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පුත්තලම කලාප කාර්යාලයට මාරු කිරීමට වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍ය සන්ධ්‍යා කුමාර රාජපක්ෂ මහතා කටයුතු කර තිබේ.
නවෝද්‍යා විදුහල්පතිවරයා මෙසේ මරු කර යැවිමට හේතු වි ඇත්තේ පසුගිය 11 දින විදුහලේ පැවති නිවාසාන්තර ක්‍රිඩා උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙසට එම විද්‍යාලයේම ගුරුවරියක දණ ගැස්සිමේ සිද්දියට අධිකරණයෙන් වරදකරුවකු වූ හිටපු පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර මහතා ප්‍රධාන ආරාධිතයා ලෙසින් සහභාගිකර ගැනීමයි. ඒ සඳහා ගුරු සංගම් දැඩි විරෝධයක් පළකරන ලදී.