නවගත්තේගම නවෝද්‍යා පාසලේ නිවාසාන්තර ක්‍රීඩා තරගාවලියේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් අධිකරණයෙන් දඩුවම් විදි හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රි ආනන්ද සරත් කුමාර මහතා කැඳවීම පිළිබඳව පරීක්ෂණයක් කර වාර්තවක් ලබාගන්නා බව වයඹ පළාත් අධ්‍යාපන ඇමති සන්ධ්‍යා කුමාර රාජපක්ෂ මහතා කියයි.
එම පාසලේම ගුරුවරියක දණ ගැස්සවීම හේතුවෙන් හිටපු මන්ත්රීරයාට අධිකරණයේ දඬුවම් නියමවිය.මන්ත්‍රීවරයා පිළිගෙන පාසල් තුර්ය වාදක කණ්ඩායම ලව්වා පෙරහැරෙන් ගෙනයාමට විදුහල්පතිවරයා කටයුතු කර තිබුණි. හිටුපු මන්ත්‍රීවරයා අධිකරණයේ දඬුවම් ලැබූ පුද්ගලයෙකු හෙයින් වයඹ පළාත් සභා මැතිවරණයට තරග කිරිමේ අවස්ථාව ද සන්ධානය ලබානොදුන්නේය.
පාසල් තුර්ය වාදකයින් යොදවා පිලිගෙන පෙරහැරෙන් කැදවා ගෙන යාම විශාල වරදක් බවත් එවැනි පිළිගැනීමක් ලබාදිය හැක්කේ ජනපති, අගමැති, අධ්‍යාපන ඇමති සහභාගි වන උත්සව සඳහා පමණක් බවත් වයඹ අධ්‍යාපන ඇමතිවරයා පැවැසීය.
හිටපු මන්ත්‍රීවරයා සභාව ඇමතීම හා තූර්ය වාදක කණ්ඩායම් යොදා පෙරහරින් රැගෙන ඒම
වයඹ පළාත් අධ්‍යාපන ඇමති
හලාවත සුපුන් හංසන