ආණමඩුව නවගත්තේගම නවෝද්‍යා පාසලේ ගුරැවරියක වු සුසිලා හේරත් මහත්මිය දණ ගැස්සවිමේ සිද්ධිය මත මහත්සේ මහජන විරෝධයක් එල්ල වු හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රි ආනන්ද සරත් කුමාර මහතා ඊයේ ( 11 දා ) පස්වරැ එම පාසලේ දි පැවැති 2016 වසරේ නිවාසාන්තර ක්‍රිඩා උළෙලේ සුවිශේෂි ආරාධිතයා වශයෙන් කැඳවා තිබිම අපූර්ව සිද්ධියක් විය.
මෙම සිද්ධියේ දි ඒ මහතා පුත්තලම අධිකරණයේ පැවැති නඩු විභාගයකින් පසු දඩුවම් ද ලබා ඇති අතර පසුව පැවැති වයඹ පලාත් සභා මැතිවරණයට ඉදිරිපත්විමේ වරම ද එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් අහිමි කළේය.
විදුහල්පති මැල්කම් පීටර්සන් මහතා ප්රමුඛ ආචාර්ය මණ්ඩලයේ ආරාධනාව මත පැමිණි සරත් කුමාර මහතා විදුහල් ප්‍රධාන දොරටුව අභියස දි විදුහල්පති විසින් හරසරින් පිළිගෙන දරැවන් අතින් මල් මාල දම්මවා බුලත් අත් දි දණ ගසා වැද පිළිගනු ලැබිණ.
හලාවත සුපුන් හංසන