පංති කාමරයේ ගුරුවරයාගේ වගකීම සමාජයේ සෑම තැනකදීම ගුරුවරයා විසින් දැරිය යුතු බවත්, කුරිරු සමාජයට මුහුණ දෙන ආකාරය පිළිබඳව පංති කාමරයේ සිටම දරුවා දැනුවත් කළ යුතු බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.
ලෝක ගුරු දිනයට සමගාමීව අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කළ ගුරු ප්‍රතිභා ප්‍රභා 2015 ප්රණාම උළෙලට බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදි එක්වෙමින් ජනපතිවරයා ඉහත අදහස් දැක්වීය.
ශිෂ්‍යයා දැනුමෙන් පමණක් සංවර්ධනය කිරීමෙන් ගුරුවරයාගේ කාර්යය නිම නොවන බවත්, දරුවන්ගේ හදවත් යහපත් චින්තනයෙන් පිරිපූර්ණත්වයට පත් කිරීමට ගරුවරුන් වෙහෙසිය යුතු බවත් ඔහු කියයි.