ගුරු සේවය සංවෘත සේවාවක් බවට පත් කර වෘත්තික සභාවකින් පාලනය වන තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු කරන බවට අධ්‍යාපන ලේකම්වරයා පොරොන්දු වූ බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.
මේ සඳහා කටයුතු කිරීමට කමිටුවක් පත් කරන බවට පොරොන්දු වූ බවත්, මීට අමතරව ගුරු සේවය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු සතියක් තුළ විසඳන බවට පසුගිය 23 වැනිදා පොරොන්දු වූ බවත් එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.
2014.10.23 වැනිදා නිකුත් කළ 1885/38 නව ගුරුසේවා ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීමේදී ගුරු සේවය තුළ ගැටලු ගණනාවක් නිර්මාණය වී තිබෙන බවද ඔහු පවසා සිටියේය.
මෙම ගැටලු පිළිබඳ අධ්‍යාපන ලේකම්වරයා සමග ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති සාකච්ජා කළ බවත්, එහිදීගුරු ගැටලු කඩිනමින් විසඳන බවට පොරොන්දු ලැබූ බවද හෙතෙම සඳහන් කළේය.