දෙමළ මාධ්‍ය පාසල්වල පවතින උග්‍ර ගුරු හිඟයට පිළියම් වශයෙන් වතු ආශි‍්‍රත දෙමළ පාසල් සඳහා බඳවාගත් ගුරු සහායකයන්ගේ දෙවන කණ්ඩායමේ 370 දෙනෙකුට පත්වීම් ප්රදානය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී.එස්. රාධාකි‍්‍රෂ්ණන් මහතාගේ සහභාගීත්වයෙන් අද(04දා) අධ්‍යාපන අමාත්යාංශශ්රවණාගාරයේ දී සිදු කෙරිණි.
එහිදී ඌව පළාත සඳහා ගුරු සහායකයන් 102, මධ්‍යම පළාත සඳහා ගුරු සහායකයන් 173ක් දකුණු පළාත සඳහා ගුරු සහායකයින් 8ක් සබරගමුව පළාත සඳහා ගුරු සහායකයන් 72ක් බස්නාහිර පළාතසඳහා ගුරු සහායකයන් 15දෙනෙකුට පත්වීම් ලබාදෙන ලදී. මේ අනුව දැනට බඳවාගත් මුඵ ගුරු සහායකයන් ගණන 2058 කි