පාසල්වල ගුරු පුරප්පාඩු 45,000ක් තිබියදී ගුරු විභාග සමත් රැකියා විරහිත උපාධිධාරීන්ට ගුරුපත්වීම් ලබා නොදීමට එරෙහිව ඊයේ (05) සහ අද (06) රැකියා විරහිත උපාධිධාරීන් විසින් විරෝධතා ව්‍යාපාරයක් දියත් කළ බව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය පවසයි.
ඒ අනුව පවතින ගුරු පුරප්පාඩු පිරවීම සඳහා ගුරු විභාග සමත් උපාධිධාරීන් වහා බඳවා ගන්නා ලෙස ඉල්ලා ඊයේ (05දා) මධ්‍යම පළාතේත්, අද (06) නැගෙනහිර, වයඹ, දකුණු හා උතුරු මැද යන පළාත්වලත් එම පළාත් සභා ඉදිරිපිට විරෝධතා ව්‍යාපාර සිදුකළ බව එම සංගමය සඳහන් කරයි.