පළාත් පාසල්වල සහ ජාතික පාසල්වල පවතින විද්‍යාව, ගණිතය සහ ඉංග්‍රීසි ගුරු පුරප්පාඩු 5,315 ක් සඳහා ගුරුවරුන් බඳවා ගැනීමට අදාළ අයදුම්පත් සහ විස්තර මාර්තු 04 වැනි දින සිට ජාතික පුවත්පත්වල පළකරන බව ජාතික මෙහෙයුම් මැදිරිය සඳහන් කරයි.
මෙම බඳවා ගැනීම සඳහා ගුරු සංගම්, ආදි ශිෂ්‍ය සංගම්, ගුරු දෙගුරු සංගම් සහ ප්‍රජා සංවිධානවලට අදහස් ලබාදීමට අවස්ථාව සලසා දී තිබෙන අතර, සියලුම අදහස් 011 435 4779, 011 435 4781 හෝ 011 435 4783 ෆැක්ස් අංකයට ලබාදිය හැකිය.
රජය විසින් සිදුකර තිබෙන සමීක්ෂණයකට අනුව විද්‍යාව, ගණිතය, ඉංග්‍රීසි විෂයන් ඉගැන්වීම සඳහා පළාත් පාසල්වල ගුරුවරුන් 5084 ක සහ ජාතික පාසල්වල ගුරුවරුන් 231 ක් හිඟ බවට හෙළි වී තිබේ.
මේ අනුව මෙම පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා මාර්තු 04 වැනි දින සිට අයදුම්පත් කැඳවා බඳවා ගැනීම් සිදුකිරීමට නියමිත අතර, එම කටයුත්ත අරලියගහ මන්දිරයේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ ස්ථාපිත කර තිබෙන ජාතික මෙහෙයුම් මැදිරිය මගින් අධීක්ෂණය කිරීමට නියමිතය.