ගුරු පුරප්පාඩු 5315 කට අයදුම්පත් කැඳවයි
ජාතික පාසල්වල සහ පළාත් සඳභා පාසල්වල ගණිතය, විද්‍යාව හා ඉංග්‍රීසි විෂයයන් සඳහා පවතින පුරප්පාඩු 5,315 ක ප්‍රමාණය සම්පූර්ණ කිරීම සදහා මාර්තු 04 වැනි දින සිට අයදුම්පත් කැඳවීමට සැලසුම් කර තිබේ.
04 වැනි දින සිට අයදුම්පත් කැඳවා ජුනි 06 වැනි දින වන විට අදාළ බඳවා ගැනීම සිදු කිරීමටත් සැලසුම් කර තිබෙන අතර මෙම වැඩසටහන නිසි ලෙස සිදුවනවාද යන්න අරලියගහ මන්දිරයේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජාතික මෙහෙයුම් මැදිරිය විසින් සිදුකිරීමට නියමිතය.
දැනට සිදුකර තිබෙනා ගණනය කිරීමට අනුව මධ්‍යම පළාතේ ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි විෂයන් ඉගැන්වීමට අදාළ ගුරු පුරප්පාඩු 930ක්, නැගෙනහිර පුරප්පාඩු 1134ක්, උතුරු පළාතේ පුරප්පාඩු 569ක්, උතුරු මැද පළාතේ පුරප්පාඩු 555ක්, වයඹ පළාතේ 474ක්, සබරගමු පළාතේ පුරප්පාඩු 104ක්, ඌව පළාතේ පුරප්පාඩු 500ක්, බස්නාහිර පළාතේ පුරප්පාඩු 157ක් තිබෙන බවට තහවුරු වී තිබේ.
මීට අමතරව ජාතික පාසල්වල ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි විෂයන් ඉගැන්වීම සඳහා තවත් ගුරුවරුන් 231 ක් අවශ්‍ය බවට තහවුරු වී තිබෙන අතර, ගණිතය, විද්‍යාව විෂයන්වලට සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම පවතින පුරප්පාඩුද වේ.
ජාතික පාසල්වල පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීම අධ්‍යාපන අමාත්‍යාංශයෙන්ද, පළාත් පාසල්වල පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීම පළාත් සභා විසින්ද සිදුකිරීමට නියමිතය.
popular news
-
වනක Monday, 01 October 2018 12:07 PM
වෙනත් විෂයන් සදහා බදවා ගන්නේ නැද්ද?
Reply : 3 2
Salinda Tuesday, 05 January 2021 05:35 AM
Tamil visayatath badawaganna
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

